සුනිල් ශාන්ත (Sunil Shantha)
ජීවන තොරතුරු
කතෝලිකයන්
වු බද්ද ලියනගේ දොන් පෙම්යානු හා කුරුගමගේ එංගල්තිනාට දාව 1915.04.14 දින
ජාඇල පමුණුගම කැපුන්ගොඩ දී බද්ද ලියනගේ දොන් ජෝසෆ් ජෝන් ලෙස සාන්තයන් උපත
ලැබීය. සිය පවුලේ වැඩි මහල් සොහොයුරෙකු සහ සොහොයුරියක විය. හෙළ හුරුව නිසාම
පසු කලක සුනිල් ශාන්ති,සුනිල් ශාන්ත,සුනිල් සාන්ති ලෙස නම් වෙනස් කළද
බොහෝවිට යෙදුවේ සුනිල් සාන්ත නාමයයි. ඉපදි වසර දෙකක් ගතවන විටම දෙමවුපියන්
අහිමිවී මාමා සහ මිත්තනිය ඇසුරේ වැඩුනේය. දෙහියාගාත රජයේ පාඨශාලාව,කොටහේනේ
ශාන්ත බෙනඩික් විද්‍යාලය හා ගාල්ලේ මවුන්ට් කැල්වරි සිප් සතර ලැබු පාසල්
විය අවුරුදු 16 දී පාසැල් හැරයාමේ විභාගයෙන් ප්‍රථමයාව වීරරත්න ත්‍යාගය ලද
අතර 1933 දී වග්ගොන කතොලික ගුරු අභ්‍යාස විද්‍යාලයේද පුහුණුවක් ලැබුවේය.
ගාල්ලේ මවුන්ට් කැල්වරි පාසලේ පුහුණුවන සිංහල,චිත්‍ර කර්මය හා සංගීතය
උගන්වන ගුරුවරයෙකු ලෙස 1936 දී පත් විය.
කතකලී,මන්පුරී
නැටුම් මෙන්ම රවීන්ද්‍ර සංගිතය ද උගත්තේ ශාන්ති නිකේතනයෙන් 1939 දීය.
සිංහල ජන ගී, වන්නම් ගැනද ඔහු මෙකල උගත්තේය. පසුව ලක් නවි හි භාත් ඛන්ඩ
සංගීත විද්‍යාලයට ඇතුලත්ව වසර හතරකින් පමණ උත්තර භාරතිය සංගීතය හැදෑරු අතර
ඉන් ප්‍රථම පන්තියේ ප්‍රථමයා ලෙස සමත් විය. වාද්‍ය විශාරද උපාධියත්, ගායනය
පිළිබඳ උපාධියත් එහිදී ලබා 1944 දී නැවත ලංකාවට පැමිණියේ එම උපාධියක් ලැබු
ප්‍රථම ලාංකිකයා ලෙසිනි. රක්වාන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දෙවැනි පෙළ
ගුරුවරයෙකු විය. කුමාරතුංගයන්ගේ ශ්‍රේෂ්ඨ කෘති පරිශිලනය කොට සාන්තයන්
රාගධාරී සම්ප්‍රදායෙන් බැහැරව දේශිය උරුවක් ඇති සංගීතයක් බිහි
කළේය.1945-1954 කාලය තුළ හෙළ හවුලට දායක විය. සුනිල් සාන්තයන් ඡායා
රූපකරණයේද නිපුණ විය.
1949
ඇරඹි “රේඩියෝ සිලෝන්“ ගුවන් විදුලි සේවයේ ආරම්භක ගායකයකු ලෙස මොහු දොරට
වැඩියේය. රජය විසින් මහාචාර්ය රත්නජයන්කර් ගෙන්වා කළ ලාංකීය සංගීත ශිල්පීන්
වර්ගීකරණය වර්ජයනය කළ නිසා ගුවන් විදුලි සේවයන් පහකළේය.මුදියන්සේලාගේ මේරි
ජොසපින් බර්කදෙත් ලීලාවති හා විවාහාපත් දරුවන් හතර දෙනෙකු ලැබුවේය මෙකල
සුනිල් සාන්තයන් විරැකියාවෙන් පෙළෙන්නට විය. 1965 දී නැවැත ගුවන් විදුලි
සේවයට එක්වු මුත් සාර්ථකත්වය පෙර පරිදි නොවීය. තමා දැඩි සේ ආදරය කල කණිටු
පුතාගේ අභාවයෙන් ශෝකයට පත්ව 1981.04.11 දින හදිසි හෘදයාබාධයකින් සාන්තයන්
සදහටම නෙත් පියවිය.
නිර්මාණ
සුනිල් සාන්තයන් විසින් ප්‍රබන්ධිත ඔහුගේම තනුවලට ඔහුම ගැයු ගීත කීපයකි මේ.
ඕලු පිපිලා විල ලෙලදෙනවා-සුදට සුදෝ නංගෝ
ඕලු පිපිලා නෙලාලා මාල ගොතාලා
පළඳමු අපි නංගෝ..
දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නළවන්නා
බැබළෙන හඳපානේ..
හඳපානේ.. හඳපානේ.. හඳපානේ..රෑ යාමේ
මිහිකත නළවා-ලා-මග මල් ගන්වා-ලා
පාසැල වෙත යන මේ-පිටිසර හෙළ ගුරු ලිය සැරැදේ
(හියුබත් දිසානායකන් ප්‍රබන්ධිතය)
ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා
(අරිසෙන් අහුබුදු රචනා කරනා ලදි)
0 comments:
Post a Comment