Wednesday, March 9, 2016

මාලනී බුලත්සිංහල(Malani Bulathsinhala)

මාලනී බුලත්සිංහල(Malani Bulathsinhala)

ජීවන තොරතුරු
විල්සන් බුලත්සිංහල හා පී.කේ. සුමනාවතී යන දෙපළට දාව 1949 දෙසැම්බර් 12 වන දින බොරලැස්ගමුවේ දී උපන්නේය. ඇයට වැඩිමහල් සහෝදරයෙක් හා සහෝදරියක් වූ අතර බාල සහෝදරයකුත් නැඟණියන් දෙදෙනකුද සිටියාය. බොරලැස්ගමුවේ මහා විද්‍යාලයෙන් හා පැපිලියානේ සුනේත්‍රා දේවී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යපනය ලැබුවේය.
බොරලැස්ගමුවේ පිටවේල්ල පාරේ, ශ්‍රී බෝධිරාජ දහම් පාසැලට ගිය ඇය දහම් අධ්‍යපනයෙන්ද පෝෂණය වූවාය. ඇයගේ සුවිශේෂී හැකියාවන් මතු දිනක ඇයව ලංකාවේ උසස් තැනකට රැගෙන එන බව බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ධම්මඑතන නාහිමියන් ඇතුළු ආචාර්ය මඩුල්ල නිසැකයෙන්ම දැන සිටියේය.
රජයේ සංගීත විද්‍යාලයේ ගායන හා වාදන ලලිත කලා ඩිප්ලෝමා උපාධිධාරිණියකු වූ ඇය ලක්නව් සංගීත භාත්ඛණ්ඩ සරසවියෙන්ද ගායන හා විශාරද උපාධියක් ලැබුවාය. චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂවරයෙක් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ඨ ශ්‍රේණියේ වාදකයකු වූ එච්. එම්. ජයවර්ධන සමඟ විවාහ වූ ඇයට පුතෙක් හා දියණියකි. ඩෙංගු උණ සැදීමෙන් මියගිය තම දියණිය වෙනුවෙන් ඇය සැමදා දුක් වූවාය.
බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කලා‍පයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව ලෙස ඇය කටයුතු කළාය. ඇගේ අවසන් කැසට් පටය වූ “මොනාලිසා“ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී දොරට වැඩියේය. 2001 මාර්තු මස 28 වෙනිදා ඇය අපට අහිමිව ගියේය.
සම්මාන
සරසවි සම්මාන හොඳම චිත්‍රපට පසුබිම් ගායිකා 1995
හොඳම ගායිකාව 1991 (ස්වර්ණ සංඛ සම්මාන)
හොඳම ගායිකාව 1992 (ස්වර්ණ සංඛ සම්මාන)
වසරේ හොඳම ටෙලි නාට්‍ය ගායනය 1995 (සුමති ටෙලි සම්මාන)
1998.11.19 දින ජෝන්ද සිල්වා රඟහලේදී සිත් රූ සංස්කෘතික කේන්ද්‍රය මඟින් ලංකා දරණි තලය ස්වකීය අප්‍රමාණ කලා ප්‍රතිභාවෙන් පෝෂණය කිරීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් “සිත් රූ උපහාරය“ විශාරද මාලනී බුලත්සිංහල කලාවේදිනියට පිරි නමන ලදී.

ලතා වල්පොල (Latha Walpola)

ලතා වල්පොල (Latha Walpola)

ජීවන තොරතුරු
1933 නොවැම්බර් 11 වන දින බම්බලයේ ජෝසප් ලින්ස් ප්‍රනාන්දු හා මාතර එලිසබෙත් මියුරියෙල්ට බම්බලපිටිට මහ රෝහලේදී තෙවන දරුවා වූ රීට ජෙනවිට් ප්‍රනාන්දු ලැබිණ. ඇයට විනිෆිඩා නම් වැඩිමහලු සොයුරියක්ද, ගොඩිෆ්‍රි නම් වැඩිමහලු සොයුරෙක්ද වූහ. ඇගේ මව විවාහයට පෙර කන්‍යරාමයක ගුරුවරියක් ලෙස හා ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසද කටයුතු කළ අයෙක් වූවාය.
ඔවුන් ගල්කිස්ස පීරිස් මාවතේ පදිංචියට ආ ගමන ඇගේ පසුකාලීන  කලා ජීවිතයට මහත් පිටුවහලක් වූයේ, වින්සන්ද අල්විස්, සුසිල් ප්‍රේමරත්න, සී.ටී. ප්‍රනාන්දු, ඩී. ජී. වික්‍රමසිංහ වැනි ප්‍රවීන කලාකරුවන් අසල්වාසීන් වීම නිසාය.
රීටා, ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන සමයේ පටන්ම ගායනයට, නැටුමට, රංගනයට දැඩි ආශාවක් දැක්වූවාය. පියාගේ පියානෝ එකෝඩියනයන්, වයලීනයත්, ග්‍රැමෆෝනයත් ඇගේ ඉදිරි ගමනට රුකුලක් විය.
වයස දහයේදී පමණ රීටා පල්ලියේ ගීතිකා කණ්ඩායමට තෝරාගැනිනි. පසුව ඇය එහි නායිකාව ලෙස තේරී පත් වූවාය. පාසලේ සෑම නාට්‍යයකටම ඇය ගායනයෙන්, රංගනයෙන් හෝ නර්තනයෙන් දායක වූවාය. එක් නාට්‍යයක හිඟන්නෙකුගේ චරිතය රඟමින් “තිලෝගුරු නාමයෙන්“ යන ගීතය ගයමින් කළ රංගනය කෙතරම් ප්‍රේක්ෂක සිත් ගත්තේද කියතොත්, වේදිකාවට විශාල වශයෙන් කාසි වැටෙන්න විය. වරෙක ඇය එක් රැයකින් සරස්වතී නැටුමක් පුහුණු වී ඉදිරිපත් කළාය.
ඩබ්.ඩී. අමරදේව(එදා ඇල්බට් පෙරේරා) සංගීතවත් කළ නිර්මාණයකට ඇය ඉදිරිපත් කළ හංස නැටුම ඇය ලද විශේෂ භාග්‍යයක් සේ ඇය සලකයි. සී.එල්. ෆොන්සේකා මහතාගේ ගුවන් විදුලි ගීත නාට්‍යයක සමූහ ගායනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇයට ලැබිණි. එයට පියාගේ සහ පාසලේ ප්‍රධාන කන්‍යාතුමියගේ දැඩි විරෝධතා එල්ල විය. එවිට මර්සලීන් ජයකොඩි පියතුමා සහ පී. එල්.ඒ. සෝමපාල සමඟ බිෂොප්තුමා වෙත ගිය මව සහ රීටා අවසරය ලබාගත්හ.
වින්සන්ද අල්විස්ගේ සරල ගී වැඩසටහනක ඔහුත් සමඟ “කඳුළු දෙනෙතින් වෑහෙන“ ගීතය ගැයූ ලතාට පසුව අර්වින් ෆොන්සේකාගේ සරල ගී වැඩසටහන්වලට දායක වීමට අවස්ථාව ලැබිණ. එහිදී ගැයූ “නමෝ මරියනි“ ගීතය පසුව කොලොම්බියා තැටියකට නැඟිණ.
“රීටා“ අප දන්නා කියන “ලතා“ වූ ආකාරයද පුදුමාකාරය. සුසිල් ප්‍රේමරත්න හඳුනාගත් පසු, භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ “චෝඩගයි“ නම් හින්දි ගීතය ඇයට පුහුණු කරවූයේය. එහිදී භාරතීය ලතාගේ ලගන්නා ස්වරයම ඇය වෙතින් දුටු සුසිල් ඇයට ලතා යන නම සුදුසු බව යෝජනා කළේය. පවුලේ  අවසරය ඇතිව ඊට පසු “රීටා“, “ලතා“ විය. ඇය ජී. එල්. ඒ. සෝමපාල මහතාගේ සරල ගී වැඩසටහන්වලටද සම්බන්ධ වූවාය.
ලතා - ධරමදාස පෙම් පුවත ඇරඹෙන්නේ “ප්‍රේම තරඟය“ චිත්‍රපටයත් සමගිනි. 1957 දී විවාහ දිවියට ඇතුළත් වූ මොවුන් දෙපළට සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද යනුවෙන් දරුවන් සිව් දෙනෙකි.
නිර්මාණ
චිත්‍රපට ගමන
“හරි හරි“ නම් ගීතය, ඇගේ ප්‍රථම ගීතයයි.(“එදා රෑ චිත්‍රපටය“)
සංගීතය - මොහොමඩ් ගවුස්                 සහාය ගායනය - හර්බි සෙනෙවිරත්න
මුත්තුසාමි ප්‍රථම වරට සංගීතය අධ්‍යක්‍ෂය කළ, එස්. එම්. නායගම් නිෂ්පාදනය කළ “ප්‍රේම තරඟය“ චිත්‍රපටයට ලතාට ගීත ගැයීමට ආරාධනා කළහ.(ඇය ප්‍රේම තරඟය චිත්‍රපටයට “හෝ හඬදී බැස යන ගංගා“ “උගත්තු-වියත්තු“,“සෑම මලින්“, “හොඳ හොඳම වේය ලොව“ වැනි මිහිරි ගීත රැසක් ගැයුවාය.)
ගැයූ චිත්‍රපට හා ගීත කිහිපයක්
ප්‍රේම තරඟය - හොඳම හොඳම වේය ලොව (ධර්මදාස වල්පොල සමග)
අහංකාර ස්ත්‍රී - ප්‍රේමයේ චන්ද්‍රයා/ලංකාරින් මලක් පිපී(ධර්මදාස වල්පොල සමග)
මාතලන් - සුලලිත් වූ කලා මිහිරෙන්/ඉවසනු හදේ/සඳ කොමලී තරු පිරිවරලා/රන්වන් කරපන්(දිනිදා උදය ගිර මුදුනින්)/දොයි දොයිය බබා
ඩිංගිරි මැණිකා - පෙරදිග මුතු ඇටයයි මේ(මොහිදීන් බෙග්) / පෙම් රාජයේ මංගල යෝගයේ, සැබෑවේ සිහිනය මාගේ (ධර්මදාස වලපොල)
රේඛාව - සීගිරි ළඳකගෙ මල් වට්ටියෙලා
සංදේශය - රෑන ගිරා රෑන අඹේ මී පිරි / පුන්සඳ එළියයි / රැජින මමයි /සුදට සුදේ වළාකුළයි
සුන්දර බිරිඳ - හද සිනමාවේ / ආදරේ මාගේ මා දමා යන්නේ / රංග පා විනෝදෙනි මේ
වීර විජය - ඉරණමට සැවොම ගැතිවේවි
කුරුළු බැද්ද - වී කිරිල්ලී යයි ඉගිල්ලී / කුරුලු කොබෙයි පරෙවි වගේ / ඔය බැල්ම ඔය කැල්ම
සූරසේන - සඳ කාන්ති වැදී / පාවී පාවී ආකාසේ නැඟී ගියා / ආනන්ද ශ්‍රිය වාගේ
ඇය සුසිල් ප්‍රේමරත්න සමඟ ගැයූ ගී - සෝක නෑනේ / ප්‍රීති මධුර වූ / රූ රැසේ අඳිනා ලෙසේ / රන්වන් කරලින් කළු කැළණි නදී / ආදී ගී ප්‍රචලිත විය.
සම්මාන
මුල්ම සම්මානය “හීන හතක් මැද“ ගීතය - “ගැටවරයෝ“ චිත්‍රපටය
තවද, සරසවි සම්මාන 05 ක් / ජනාධිපති සම්මාන 02 ක්
දීපශිඛා සම්මානය / රණතිසර සම්මානය
“කලාශූරි සම්මානය“
“වීර විදහන රන්සිළු සම්මානය“ දිනා ගත්තීය.
ගායන දිවියේ ස්වර්ණ ජයන්තිය - “ලතා රන්රස ප්‍රණාම“ 1998
පනස් වසරක් තුළ සිංහල සිනමාවට කළ සේවය වෙනුවෙන් “රන්සිළු සම්මානයෙන්ද“ ඇය පුද ලැබුවාය.
ඇය නවපරපුර ගැන මෙසේ කියන්නීය.
“එදා වගේ නෙමෙයි. අද රැඳිලා ඉන්න හැකි කාලය බොහොම කෙටියි. ඒකට හේතුව හැංගිලා ඉන්න දක්‍ෂයින්ට ඉදිරියට එන්න හොඳ පසුබිමක් සැකසිලා තිබීමයි. ගායනයට පිවිසෙන අය සංගීතය ගැන හොඳින් දැනුවත් වෙලා එන්න ඕන. එහෙම අයට නම් කාලයක් රැඳී ඉන්න පුළුවන් වේවි.“ (තරුණි - 2000- මාර්තු)

ලයනල් එදිරිසිංහ(Lionel Edirisinghe)

ලයනල් එදිරිසිංහ(Lionel Edirisinghe)

ජීවන තොරතුරු
දකුණු ප්‍රදේශයේ බද්දේගමදී 1913 ජනවාරි 17 වන දින මොහු උපත ලැබීය. පියාගේ මගපෙන්වීම පරිදි කුඩා කල සිටම ලයනල් සංගීතයට දැඩි ඇල්මක් දැක්වීය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ ඕපාවල බෞද්ධ මිශ්‍ර පාසලෙනි.උසස් අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ රිච්මන්ඩ් සහ මහින්ද යන විදුහල් වලිනි.
පසුව හින්දුස්ථානි සංගීතය හැදෑරීමේ අභිප්‍රායෙන් ලයනල් ඉන්දියාවේ කල්කටා නගරයේ බෝල්පූර්හි විශ්ව භාරතී ශාන්ති නිකේතනයට ඇතුළත් විය. ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මුල්වතාවට විශාරද උපාධිය ලබා ගැනීම ආරම්භ වූයේ ඔහුගෙනි. පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සංගීත පරීක්‍ෂක ලෙස පත් විය.
සිසුන් සඳහා සංගීත, චිත්‍ර, නැටුම් කලා ප්‍රගුණ කිරීමට එදිරිසිංහ මහතා රජය සමඟ සාකච්ඡා කොට රජයේ කලායතනයක් පිහිටුවීය. එහි ඉගැන්වීමට විශාරද උපාධිය ලැබූ ඇදුරු මණ්ඩලයක් පත්කර ගන්නා ලදි.
ගුවන් විදුලියෙන් හින්දුස්ථානී සංගීතය ලාංකීය ජනතාවට හඳුන්වාදීමට ක්‍රියාකළ එතුමා, ශිල්පීන් වර්ග කිරීමට ගුවන් විදුලි සංස්ථාවට රත්න ශංකර් පඬිතුමා ගෙන්වා ගනිමින් ඒ කටයුතු සිදුකළේය. සිතාරය ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන්ම හඳුන්වා දුන්නේ එතුමාය. තබ්ලා, ලර්වාය, සුර්බාර් පිළිබඳ හසල උගතෙකු වූ ලයනල් එදිරිසිංහ මහතා, ශ්‍රී ලාංකීය සංගීතයට මේසා අනුපමේය සේවයක් කර, 1988 මැයි මස 22 වනදා අවසන් සුසුම් හෙලීය.  

ප්‍රේමසිරි කේමදාස (Premasiri Kemadasa)

ප්‍රේමසිරි කේමදාස (Premasiri Kemadasa)

ජීවන තොරතුරු
1937 ජනවාරි 25 දා ගුරුගේ සිවියොන් පෙරේරාට හා ඇලන් නෝනා පෙරේරාට දාව උපන් කේමදාස, දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා විය. තල්පිටිය පිරිමි පාසල, වාද්දුව රජයේ පිරිමි පාසල, පානදුර ශ්‍රී සුමංගල විදුහල යන විදුහල්වලින් ඔහු අධ්‍යාපනය හැදෑරීය.
 රජයේ රෝහලයක ඉපදුණු පවුලේ එකම දරුවා ඔහු වූ බැවින්, උප්පැන්න සහතිකයක් නොතිබුණි. මේ නිසා පාසලේදී ඇති වූ ගැටළුවට කලකිරුණු කේමදාස, තම පාසැල් ජීවිතයෙන් සමුගතතේ කඩිසර, බුද්ධිමත් ඉගෙනීමෙහි දක්‍ෂ සිසුවකු පාසලට අහිමි කරවමිනි.
පාසල් ජීවිතය කළකිරි සිටි කේමදාස, බටනලාව වාදනයට යොමු විය. මේ අතර ඔහුට ගුවන්විදුලි සංගීත වැඩසටහනක සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවීමක් ලැබුණි. රජයේ ජ්‍යෙෂ්ඨ විභාගයත්, සම්මුඛ පරීක්‍ෂණයත් එකම දින තිබූ නිසා, ජ්‍යෙෂ්ඨ විභාගය අත්හැර දැමූ ඔහු, ගුවන්විදුලි සම්මුඛ  පරීක්‍ෂණයට සහභාගි වී ඉන් තේරුණි.
1959 ජනවාරි 03 දින කොළඹ මරදානේදි “සංගීත මංජරිය“ ආරම්භ කරන ලදි. එම වසරේදීම සිරිසේන විමලසිරි විසින් තම “රොඩී කෙල්ල“ නම් චිත්‍රපටයේ සංගීතය සඳහා ඔහුව තෝරා ගැණින. (මෙම චිත්‍රපටය තිරගත නොවිණි.)
1960 දී “බැරිසිල්“(පළමු ගීත නාටකය) ඉදිරිපත් කළේය. සිනමා  සංගීතය සඳහා පළමුවෙන්ම යොමු වූයේ “සෝබන සිත“ (1965 දී) චිත්‍රපටය සමගිනි. 1966 දී මහජන චීනයේ ඇරයුමින් එහි සංචාරයක් සඳහා පිටත් විය.1967 දී “සැනසුම කොතැනද“ චිත්‍රපට සංගීතයට පළමු සම්මානය ලැබිණි. 1979 දී “බඹරු ඇවිත්“ චිත්‍රපටයේ සංගීතයට පළමු ජනාධිපති සම්මානය ලැබිණ.

නිර්මාණ
  • ඔපෙරා
  • 1990 දී “මානසවිල“
  • 1996 දී දොරමඬල
  • 1993 දී “පිරිනිවන් මංගල්‍යය“ කැන්ටාව සහ “නිදන් මංකොල්ලය“ ඔරටෝරියෝව (Oratorio) ඉදිරිපත් කිරීම
ප්‍රසංග
  • “අඩසිය වසක කේමදාස නම් වූ ඔහු“ (1987)
  • 1997 “පිරිනිවන් මංගල්‍යය“ කැන්ටාව පටිගත කිරීම
  • සංගීත සංධවනි
  • මගේ මුහුද
  • සිංහල අවුරුද්ද
  • නියඟය හා වැස්ස
  • මගේ කාලයේ මවුනි
  • සංගීතය සැපයූ වේදිකා නාට්‍ය
  • පංච කල්‍යාණි
  • නැට්ටුක්කාරි
  • හිත හොඳ අම්මණ්ඩි
  • අංගාරා ගඟ ගලා බසී
  • මහාසාර
  • ඒකා අධිපති
  • වැනීසියේ වෙළෙන්ඳා
  • ජුලියස් සීසර්
  • මකරාක්ෂයා
  • මරාසාද්
  • චෙරි වත්ත
  • ඊසොප්
සංගීතය සැපයූ ටෙලි නාට්‍ය
  • වෙද හාමිනේ
  • දඬුබස්නාමානය
  • අකාල සන්ධ්‍යා
  • ඇසළ කළුවර
සංගීතය සැපයූ ගීත කිහිපයක්
ප්‍රේම කඩතුරාවේ / සුළං කුරුල්ලෝ / සොඳුර මට සමුදෙන්න / අඳුරු කුටිය තුළ
කල්පනා ලොව / සුවඳක් දැනේවි / රෑන ගිරා ජෝඩුවයි / අම්මාවරුනේ
ආදර නිල් දෑසේ / ආදර මල් පවනේ / හඳනාගත්තොත් ඔබ මා

රුක්මණී දේවී (Rukmani Devi)

රුක්මණී දේවී (Rukmani Devi)

ජීවන තොරතුරු
ඇය ජනප්‍රිය සංස්කෘතියට අයත් කලාකාරියකි. ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය මෙන්ම සිංහල සිනමාවේ අග්‍රගනය නිළියද, සිංහල සංගීතයේ අග්‍රගනය්‍ය ගායිකාවද ඇයමය. ශාන්ත මැතීවී විදුහලේදී විවිධ ප්‍රසංග සඳහා රුක්මණී දේවි සහභාගි වුවාය.
ප්‍රසිද්ධියේ කලාවට අවතීර්ණ වුයේ වේදිකා නාට්‍ය නිළියක ලෙස වෝල්ටර් අබේසිංහයන්ගේ ‘රාමාණය නාට්‍යයේ සීතාගේ භූමිකාවෙනි. වේදිකා නාට්‍යයට එළඕයේ නුර්තිය පිරිහෙන කාලයේය. ගායනයට පිවිසියේ 1906 න් ඇරඕ ග්‍රැමෆෝන් යුගයේ ය. පාසල් ගුරුවරියකව සිට සුප්‍රකට නෘත්‍යාංගනාවක වු චන්ද්‍රලේඛා ඇගේ කලා ලොව පෙරගමන්කාරිය විය.
නාට්‍ය කිහිපයක රඟපා ජනප්‍රියත්වයට පත්වු ඇය මිනර්වා නාට්‍ය සංගමයට බැඳුනාය. රුක්මණී වඩා ප්‍රිය කළේ ගීතයයි. එනිසාම ඇය එම සංගමයේ නිපද වු නාට්‍යවල අතිරේක ගායිකාවක ලෙසද ( අවතාරය නාට්‍යය ) ‘ කඩවුණු පොරොන්දුව‘ නාට්‍යෙයේ රංජනීගේ චරිතයට පණ පෙවීමෙන් රඟපෑමද ආරමිභ කළාය.
එකල නිළියක වීම පිළිබඳ සාමාන්‍ය ජනයා අප්‍රසාදය පළ කළහ. එය පහත් ලෙස හංවඩු ගැසී තිබුණි. මුල් කාලයේ වේදිකා නාට්‍ය රඟපෑවත් ඇය එතරම් ජනප්‍රය නොවුවාය. ඇගේ ගීතවල ක්‍රිස්තියානි ආභාසය තිබුණි. එමෙන්ම ඇය 1939 කාලයේදී ගුවන් විදුලි සංගිත වැඩසටහන් වලට සහභාගි වුවාය. ඇය ගැයූ ප්‍රථම ග්‍රැමෆෝන් ගීතය ‘සිරි බුද්ධගයා විහාරේ‘ ගීතයයි. ඇය ගීත, චිත්‍රපට, වේදිකා නාට්‍ය බොහොමයකටම දායක වී ඇති. විචාරකයන් ඇය ‘මෙලඩි ක්වීන්‘ ලෙස  හැඳින්වුයේ ඇගේ ගීත නිසාමය.
නමුත් ඇය අනෙක් සංගීඥයන් මෙන් සංගිතය ඉගෙන නොතිබිණි. ඇය මෙරට ප්‍රදර්ශිත ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටයේ, එනම් ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටයේ රංජනීගේ චරිතය රඟපෑවාය. මුලින්ම ප්‍රේක්ෂක ගර්භාවට ලක්වන චරිත රඟපෑ නමුත් (කඩවුණු පොරොන්දුව) පසුව ප්‍රේක්ෂක අනුකම්පාව දිනාගත හැකි චරිත රඟපෑවාය. (දෛවයෝගය). ඇයට බටහිර සංගිතයට මෙන්ම ඉන්දීය රාගධාරී සංගිතයට අනුවද ගීත ගායනා කළ හැකි විය. ඇය ලංකාවේ එකල සිටි හොඳම පොප් ගායිකාව වුවාය. 1947 ගුවන් විදුලි ශ්‍රවණ පර්යේෂණයකදී ඇය ජනප්‍රිය ගායන ශිල්පින් අතර 2 වන ස්ථානයට පත්විය. ඇය පොඳුජන කලාකාරීයකි.1978. 10. 28 වන දින මේ ශ්‍රේෂ්ඨ කලාකාරිය හදිසි අනතුරකින් මිය ගියාය.
සම්මාන
දිනමිණ හා දීපශිඛා සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මාන ලද්දේ 1955 දීය.
කලා සිනමා පුවත්පතේ අනුග්‍රහයේ පැවති කලා චිත්‍රපට තාරකාවන් තේරීමේ තරඟයෙන් ඇය දක්ෂතම නිළිය වුවාය.
ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට
කඩවුණු පොරොන්දුව ( රංජනීගේ චරිතය)
කපටි ආරක්ෂකයා ( මල්ලිකාගේ චරිතය)
වැරදුණු කුරුමාණම ( ස්වර්ණාගේ චරිතය)
පෙරළෙන ඉරණම (සුවිනීතාගේ චරිතය)
හදිසි විනිශ්චය ( කාන්තිගේ චරිතය)
සැඟවුණු පිළිතුර ( කුසුමලතාගේ චරිතය)
උමතු විශ්වාසය (ද්විත්ව චරිත)
කැළැ හඳ ( මාලිනීගේ චරිතය)
සිරියලතා ( ඇග්නස් හෙවත් ගුස්තිනා හෙවත් ශ්‍රියාලතා)
දෛවයෝගය (ශීලා දස්කොන්, පෙමිලා බිසව)
නළඟන (ප්‍රේමා)
සැමියා බිරිඳගේ දෙවියාය ( චන්ද්‍රා)
ඉහත ආත්මය (එමලි)
දෙවියනි ඔබ කොහිද? (මරියා)

රඟපෑ වේදිකා නාට්‍ය
වෝල්ටර් අබේසිංහයන්ගේ - රාමායණය
චාල්ස් ඩයස්ගේ - මායාවතී
ඩික් ඩයස්ගේ - ජානකීහරණය
පී.පී.ආටිගලගේ- රෝහිණී
ලූමන් රාජපක්ෂගේ - රාජද්‍රෝහියා
සී.ඒ.ෆොන්සේකාගේ - කීකරු බිරිඳ
විලාෆ්‍රඩ් පීරිස්ගේ-රංගල අප්පු
ධම්ම ජාගොඩගේ - වෙස්මුහුණු
එසේම ඔතෙලෝ,වෙස්සන්තර,ඔන්න බබෝ ඇතින්නියා,සිවම්මා ධනපාල යන නාට්‍ය වලද රඟපා ඇත.

සාහභාගි වූ මිනර්වා නාට්‍ය
අවතාරය (ගායනයෙන් පමණි)
කඩවුණු පොරොන්දුව ( රංජනීගේ චරිතය)
පෙරැළෙන ඉරණම (සුවිනීතාගේ චරිතය)
උමතු විශ්වාසය (සුසිලාගේ චරිතය)
කපටි ආරක්ෂකයා (මල්ලිකාගේ චරිතය)
හදිසි විනිශ්චය ( කාන්තිගේ චරිතය)
වැරදුණු කුරුමාණම ( ස්වර්ණාගේ චරිතය)

ඇය විසින් ගයන ලද විරිඳු ගීත
ලොවේ දසත පුජිත - ගරු සිංහල ජාතියෙ උපන්න
ගායනා කරන ලද ද්‍රවිඩ ගීත - ‘සැඟවුණු පිළිතුර‘ චිත්‍රපටයේ ද්‍රවිඩ පිටපත වන ‘කුසුමලතා‘ හි ද්‍රවිඩ ගීත ඈ ගැයුවාය.

විමල් අභයසුන්දර (Wimal Abesundara)

විමල් අභයසුන්දර (Wimal Abesundara)

ජීවන තොරතුරු
බලපිටියේ  වැලිතොට වැල්ලබඩදී අරුමානිස් ද සිල්වා සහ පොරොවගොඩ ලැයැසෝ හාමි ද සිල්වාගේ සිවි වැනි දරුවාට උපන්නේය. වැලිතොට ඥානතිලක මහා නායක ස්වාමින්ගෙන් අත් පොත තැබු ඔහු, වතුරේගම සිංහල පාසැලෙන් හා අඹගමහපිටි මුල මහ විහරස්ථ සුගත පොසනෝදය පිරිවෙනෙන් මුලික අධ්‍යාපනය ලැබුවේය. කොළඹ මාලිගාකන්දේ වි‍ද්‍යෝදය පිරිවෙනෙදී පාලි, සිංහල, සංස්කෘත, ප්‍රාකෘත, හින්දි යන භාෂා සාහිත්‍යයන් හැදෑරීය. ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් හා  ලන්ඩන් ජී.සී.ඊ උසස් පෙල සමත් වු ඔහු ඉංග්‍රිසි අධ්‍යාපනය ලැබුවේ අගනුවර ලොරන්ස් විද්‍යාලය, ඕල්කට් විද්‍යාලය, ආනන්ද විදූහල් වලින්ය.
කල්යානි හා විවාහ වු ඔහුට ප‍්‍රනීත්,අර්ජුන්,පුලස්ති,සුභානි යනුවෙන් දරුවන් සිවුදෙනෙකි. ඔහු 1951 සිට ඩබ්ලිව්.ඒ.සිල්වාගේ නවකථාවල සෝදූපත් පිරික්සීය. සඳරැස,පෙරමුණ,දිනමිණ යන පුවත්පත්වල උප කර්තෘ වු ඔහුගේ ලිපි ලක්මිණ,ධර්ම සමය, සිංහල ජාතිය,  සිංහල බෞද්ධයා, සිංහල බලය, සිළුමිණ, ලංකාදීප, දවස, රිවිරැස, සරසවිය, බුදූසරණ, තිසරණ, යන පූවත්පත්වලද පළවිය.
මී වදය, සුව
ඳ, දේද්දුන්න, ගීතාංජලී, ජන කවිය, කවිය, කවි සුවඳ, ආදී කවි සඟරාවලට හා පුවත්පත්වලට සැපයුවේය. සමස්ත ලංකා සාහිත්‍ය සංගමය සාමාජිකයෙකු වු මොහු
ශ්‍රි ලංකා ශාස්ත්‍රිය සංගමයේ ලේඛම් පදවිය හා අගනුවර සාහිත්‍ය සමාජයේ සභාපති පදවියද දැරුවේය.  අගනුවර  තරුණ කවි සමාජය, රුහුනු කලා භවය,වැලිතොට සාහිත්‍ය සංගමය,  සමස්ත ලංකා කවි සමිමේලනය, ශ්‍රි ලංකා සංගීත පදනම යන සමිතිවලද නිලතල දැරීය. සිංහල විශ්ව කෝෂයේ මුල් සහකාර සංස්කාරවරයෙකු ලෙස කටයුතු කලේය. 1981 දී යුගෝස්ලාවියාවේ සරයේවෝ නුවර පැවති ජගත් කවීන්ගේ සමිමේලනයේ ශ්‍රි ලංකාව නියෝජනය කල මොහු, 1990 නොවැම්බර් 25 දා මැලේසියාවේ පැවති ජගත් කාව්‍ය නිර්මාන සමිමේලනයටද ශ්‍රි ලංකාව නියෝජනය කලේය. 1982-1983 දි රූපවාහිනියේ පද සරණිය වැඩසටහනට ගීත රචනා කලේය.
                                   නිර්මාණ
නිෂ්පාදනය, පිටපත්, රචනය කළ වැඩසටහන්


  • කවි මඩුව
  • රස මංජරී
  • යෞවන සමාජයa
  • පද්‍යාවලිය


ගුවන් විදුලි ගීත නාටක


  • මන්දෝදරී
  • සදූන් මල්
  • යශෝධරා
  • බුදුරැස්
  • නිෂාදි
  • නාග කන්‍යා
  • නව බග සඳ
  • සුභානි
  • අම්බපාලි
  • නව දැලි හේන
  • නිබිබුත මල

ගීත නාටක


  • ජය සිරිමහ බෝ          
  • මහවැලි බිසවු
  • සඳකඩ පහණ
  • වීණා



ගුවන් විදුලි සංගීතමය ප්‍රණීතාංග


  • සෘතු සංහාර
  • වෛශාඛ්‍ය පෞර්ණමි
  • බුද්ධ ගද්‍යයෙන් ගීත
  • නිදහස් රැවි පිලිරැවි
  • බුද්ධ වන්දනා
  • පුනරාලෝකය
  • රාධා මාධව
  • ලංකා
  • සන්ධ්‍යා
  • ආලෝක උදපාදි
  • විරාභිමාන
  • ධ්වනි පුජා
  • පුජා
  • ශිව තණ්ඩව
  • ජන ලංකා
  • සාධනා
  • වීර සංදර්ශන

ළමා වැඩසටහන්


  • තක්ෂලාව
  • විනෝද සමය
  • පද පෙරලිය
  • එඩිතර ලංකා

නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය කෘති
  • පද්‍ය - විමලසාර ගුණ සමර, රත්නමාලි වංශ කාව්‍ය, දුක්මුසු, සුදු නංගි, නව බග සඳ, තුන්සේසත් රට, ගිනි ඇල්ල පිනි ඇල්ල, මළපත අකුර සහ අමිමා, දෙනුවන.
  • ගී පද මාලා - සුර මුරලිය, මිනිහිරිය, රුප්පාවේ මී පොද වැහි.
  • විචාර - නිෂාදි(ගීත සහ ගීත නාටක), බෝධි(බෝධි සංකල්ප පිළීබඳ), රසවැකිය කවියකි, වනපස මලින් පුද (බෞද්ධ කාව්‍ය), ආදිම යුගයේ  බෞද්ධ කාන්තාවෝ (අපදාන කෘතියකි).
  •  කෙටි කථා - සිරිමලි, උද්‍යා යාත්‍රා.                                                                                        
  • කාව්‍ය - කොළඹ යු‍ගේ ඉකුත් වතින්, සුදු වැලි තාලාවේ ගුමි නැගෙන සෙල් ගී (අනිබද්ධ)
  • ගද්‍ය - ප්‍රබුද්ධ ශක්තිය
  • ගීත නාටක - ගමිමානේ මල් පිපිලා
  • සංගීත සංහිතා (පෙරදිග සංගීතය පිළිබඳ පුර්ණ සමීක්ශනයකි)
  • බණ්ඩාරනායක චරිතාපදාන කාව්‍ය
  • යුග යුග බැඳි හදවත්
  • මහවැලිය
  • MAN OF MASSES (1980 ඉංග්‍රිසි පරිවර්තනය මහාචාර්ය තිලක් රත්තනකාර)
  • ආනන්ද සමිප්‍රවේදතිය
  • ජනරජ සිතුමිණ
  • මොහොටිටිවත්තේ ශ්‍රි ගුණානන්ද චරිතාපදානය
  • ලංකාධීශ රාවණායනය සහිත ගීත නාටක නිර්මාණ
  • රාධා මාධව ඇතුළු සංගීත ප්‍රවණතා (ගුවන් විදුලි සංගීතමය ප්‍රණිතාංග සංග්‍රහයකි)
  • දරුනැළවිලි ගී (ළමා සාහිත්‍ය කෘතියකි)   
                                                     සම්මාන
  • 1973 දී අගනුවර තරුණ කවි සමාජය ප්‍රදානය කළ අපේ හපන්නු සමිමානය
  • 1976 දී සමස්ත ලංකා සිංහල කවි සමිමේලනය ප්‍රදාන කළ කවි සාහිත්‍ය භූෂණ  සමිමානය
  • 1980 දී හොරණ විදාගම පැවති රාජ්‍ය සහිත්‍ය උත්සවයේදී මෙතුමාගේ පොත් දෙකට   සමිමාන ලැබීම
  • 1986 දී ටවර් හෝල් රඟහල පදනම විසින් කලා මාන්‍ය සමිමානය ලැබීම
  • රාජ්‍ය  සමිමානයක් වශයෙන් 1991 දී කලා කීර්ති සමිමානයෙන් පිදුම් ලැබීම
  • 1993 සිළුමිණ පත්‍රය මගින් කාව්‍ය ශිරෝමණි සමිමානයෙන්  පිදුම් ලැබීම
  • හෙල හවුල මගින් ප්‍රදානය කරනු ලැබු ලැවිසිරි සිළුමිණ සමිමානය
  • 1986 රාජ්‍ය සමිමානය ලෙස ප්‍රදානය කරන ලද විශ්ව ප්‍රසාදනී සමිමානය

විශාරද නන්දා මාලිනී (Visharada Nanda Malani)



විශාරද නන්දා මාලිනී (Visharada Nanda Malani)

ජීවන තොරතුරු
එදා,එනම් 1943 අගෝස්තු මස 23 දින අළුත්ගම ලෙවන්දූව ගමෙහි මිරිහාන ආරච්චිගේ වින්සන්ට් පෙරේරා හා ලියනගේ එමිලින් පෙරේරා දෙපළට දාව මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා දැරියගේ උපත සිදුවිය. ඇය දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලක හතර වෙනියා විය. පසු කලෙක කොටහේන හෙට්ටියාවත්තට පැමිණි නන්දා දැරිය කොටහේන ශ්‍රී ගුණානන්ද විදුහලින් සිප්සතර හැදෑරීය. 1962 වන විට පාසල තුළ සිය දස්කම් මැනවින් විදහා දක්වමින්, කවි කියන නන්දා නමින් ප්‍රකට වූ මැය, 1962 වන විට පාසල් 32ක් අතර පැවති කවි තරඟාවලියකින් ප්‍රථම ස්ථානය ලබාගෙන සිටියාය.
නන්දා දැරියගේ  මෙම දස්කම් හඳුනාගත් මාග්‍රට් පෙරේරා මහත්මිය ඇයව ගුවන් විදුලිය වෙත යොමු කරන ලදි. ගුවන් විදුලියේ ළමා පිටියට එක්වුණ නන්දාට සිය හැකියාවන් එළි දැක්වීමට එතැන තෝතැන්නක් විය. සිය ප්‍රථම ගුවන් විදුලි ගීතය ලෙස “දුර පවනේ මේ කුළු ගුවනේ“ ගීතය ගායනා කළ මැය, නන්දා මාලනී නමින් සිය ගායන දිවිය ආරම්භ කළාය. (මාලිනී යන නම ඇයව සිය නිවසේදී අමතන ලද නාමය විය.) ළමා පිටියේ නිර්මාණ වලට දායක වෙමින් සිටි නන්දා මාලිනියට, මඩවල එස්. රත්නායක, විමල් අභයසුන්දර, ඩබ්. ඩී. අමරදේව, මහගමසේකර වැනි ප්‍රවීන කලාකරුවන්ගේ වැඩසටහන් වලටද දායක වීමට ලැබුණි.
මෙසේ සිදු වූ ඇයගේ ප්‍රථම දායකත්වය “මධුවන්ති“ වැඩසටහන සඳහා විය. 1962 දී අමරදේවයන් තම ප්‍රථම සංගීත අධ්‍යක්‍ෂණය කළා වූ රන්මුතු දූව චිත්‍රපටයේ ගීත ගායනයට නන්දා මාලනිය එක්කර ගැනීමට ඇයගේ ගායන දිවියේ වැදගත් සන්ධිස්ථානයක් සළකුණු කරන්නට විය. මේ සඳහා ඇය නාරද දිසාසේකර සමග ගැයූ “ගලන ගඟකි ජීවිතේ“ ගීතය වෙනුවෙන් 1964 වසරේ ප්‍රථම වරට පැවැත්වූ සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායනය වෙනුවෙන් සම්මාන හිමිවිය. මෙය නන්දා මාලිනියගේ මෙන්ම, එහි යුග ගායනයට එක් වූ නාරද දිසාසේකරගේ ද ප්‍රථම සමිමානය විය. 1962 දී සිය පාසැල් දිවිය අවසන් කල නන්දා මාලිනිය, පසුව අමරදේව සහ බී වික්ටර් පෙරේරා යන සංගීතඥන්යන්ගෙන් සංගීතය හැදෑරීම කර ලක්නවි හී භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයට ඇතුළු වී මුන්සුඩ් අලි සහීබි මහතා යටතේ සංගීතය හදරා,එහි ඩිප්ලෝමාව ද හිමිකර ගත්තාය. මින්පසු ලංකාවට පැමිණි මැය De Mezenod විදුහලේ සංගීතය ගුරුවරියක් ලෙස සේවය කරන අතරතුර ගුවන්විදුලි වැඩසටහන් වලට දායක වීම ද නොකඩවා සිදු කළාය. 1963 දී නන්දා මාලිනී සුනෙත් ගෝකුල සමග විවාහ වූවාය. විවාහයෙන් පසු ඇයට වරුණි රසෝජා හා අමා සාරදා දියණියන් දෙදෙනා ලැබුණි. 1976 වන විට ගීත ගායනය මෙන්ම ගීත සඳහා සංගීත නිර්මාණය කිරීම ද නන්දා  මාලිනිය විසින් සිදුවිය.
“හද විල කළඹන“, “සැඳෑ කළුවර“ වැනි ජනප්‍රිය ගීත රැසක සංගීත අධ්‍යක්‍ෂණය ඇය සිදු කළ අතර නීල් රූපසිංහගේ “සරදියෙල්ගේ පුතා“ චිත්‍රපටියේ “වටු වැද්දා“ නම් නාට්‍යමය ජවනිකාවට සංගීතය සපයා චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණය  ද ආරම්භ කළාය. 1981 දී තිරගත වූ “බඹා කෙටූ හැටි“ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණද නන්දා මාලිනී විසින් සිදු කරන ලදි. මෙය කාන්තාවක විසින් සිංහල චිත්‍රපටයකට සංගීතය සැපයූ ප්‍රථම අවස්ථාව විය. 1972 දී නන්දා මාලිනී ඇගේ ප්‍රථම ඒක පුද්ගල ගීත ප්‍රසංගය වූ “ශ්‍රවන ආරාධනා“ ප්‍රසංගය ඉදිරිපත් කරමින සිය සංගීත දිවිය නව මගකට යොමු කළාය.
ඇගේ දෙවන ප්‍රසංගය වූයේ 1982 දී ඉදිරිපත් කළ “සත්‍යෙයයේ ගීතය“ ප්‍රසංගයයි. ප්‍රසංග වාර 500ක් වේදිකාගත වූ මෙම ප්‍රසංගය හා ඉන්පසු ඉදිරිපත් කළ “පවන“ ප්‍රසංගය තුළ වූ ගීත, හුදෙක් ප්‍රේමය, විරහව වැනි සුලභ මාතෘකා වලට පමණක් සීමා නොවුන අතර එවකට ශ්‍රී ලාංකිකයින් අත්දුටු භීෂණය, දූෂණය, සමාජ අසාධාරණය, මර්ධනය වැනි කාලීන මාතෘකා රැගත් නිර්මාණ ද විය. මේ ප්‍රසංග හේතුවෙන් එම ගීත ගායනා කළ නන්දා මාලිනී හටද, එම ගීත රචනා කළ සුනිල් ආරියරත්න හා විවිධ අංශ වලින් දායක වූ කලා කරුවන් රැසකට ද මරණීය තර්ජන පවා එල්ල විය.
සිය ඒක පුද්ගල ප්‍රසංග ආරම්භ කිරීමත් සමඟ නන්දා මාලිනී ශිල්පිනිය, තම සංගීත ප්‍රසංග විදේශයන්හි ඉදිරිපත් කිරීමද ආරම්භ කළාය. 1981 අප්‍රේල් 11 වන දින ලන්ඩන් නුවර දී ඉදිරිපත් කළ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය, ඇගේ ප්‍රථම විදේශගත සංගීත ප්‍රසංගය මෙන්ම ශ්‍රී ලංකාවේ ගායන ශිල්පියෙකු විදේශගත පැවැත්වූ ප්‍රථම ප්‍රසංගය ද එයම විය. ඉන්පසු අබුඩාබිය, රෝමය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ටේලියාව, සිංගප්පූරුව, ජිනිවා, බර්ලීනය, බහරේන්, බායි, මාලදිවයින ආදී රටවල් ගණනාවක නන්දා මාලිනියගේ ප්‍රසංග වේදිකාගත විය.
ගුවන් විදුලි, චිත්‍රපට, වේදිකා ප්‍රසංග යන මාධ්‍යයන් තුළින් රසිකයා අතරට පැමිණි නන්දා මාලිනිය, 1974 දී සිය ප්‍රථම කැසට් පටය නිකුත් කර නවතම මාධ්‍යයකින් සිය රසිකයන් අතරට පිවිසීම ආරම්භ කළාය.එදා පටන් මේ වන තෙක් ඇය කැසට් පට 25කට අධික ප්‍රමාණයක් එළි දක්වා ඇත. එමෙන්ම දැන් ජනප්‍රිය මාධ්‍යයක්ව පවතින සංයුක්ත තැටි ගණනාවක් ද එළි දක්වා ඇත. වර්තමානයේ ද වසරක් පාසා ඇගේ නව නිර්මාණ වලින් යුත් කැසට් පටයක් හා සංයුක්ත තැටියක් එළි දැක්වීම සීමා සහිත සිං ලංකා සමාගම විසින් සිදු කරයි.
ඉහත කී මාධ්‍යයන්ට අමතරව 80 දශකයේ පටන් විකාශනය වූ රූපවාහිනී ටෙලි නාට්‍ය රැසක තේමා හා පසුබිම් ගායනා රැසකටද විශාරද නන්දා මාලිනිය දායක වූවාය. සිනමා නිළි ගායිකාවකගේ ජීවිත කථාව තේමාව වූ, බෙනට් රත්නායකයන්ගේ “තරු“ ටෙලි නාට්‍ය යේ සියළුම ගීත ගායනය නන්දා මාලිනිය විසින් සිදු කෙරිණි. මෙසේ විවිධාකාර වූ මාධ්‍ය තුලින් වසර 35 කට අධික කාලයක් සිය මධුර හඬින් රසිකයින්ගේ ගී පවස නිවාලමින්ද, ඔවුන් දැනුවත් කරමින්ද, ශ්‍රී ලාංකික සංගීත කරළියේ නොමැකෙන මෙහෙයක් කළ නන්දා මාලිනිය ඉදිරියටද නව නිර්මාණ තුළින් සිය සහෘදයින් අතරට පැමිණීම සිදු කරනු ඇත.

සම්මාන
නන්දා මාලිනිය පිදුම් ලැබූ සම්මාන
සරසවි සම්මාන
වසර                                         ගීතය                                        චිත්‍රපටය
1963    -                       ගලන ගඟකි ජීවිතේ                  රන්මුසුව
1965    -                       මේ සිංහල අපගෙ රටයි             සාරවිට
1967    -                       රංගා                                         සැඩොල් කඳුලු
1968    -                       කිංචි පිංචි පුංචි පැංචි                  ආදරවන්තයෝ
1979    -                       හඳ හාවුන් හඳේ                                    මොණරතැන්න
1980    -                       (කවි ගායනය)                          සිරිබෝ අයියා
1981    -                       දෙනෝදාහක් නුවන් අතරේ      වජිරා
1982    -                       අම්මාවරුනේ                           යසඉසුරු
1992    -                       අහසින් බසින්                           පෙම් රජදහන  
1995    -                       ඉවුරු බිඳුනු ගං තලාව               අඹු දරුවෝ
ජනාධිපති සම්මාන
1980    -                       (කවි ගායනය)                          සිරිබෝ අයියා
1981    -                       දෙනෝදාහක් නුවන් අතරේ      වජිරා
1982    -                       අම්මාවරුනේ                           යසඉසුරු
1983    -                       සතර පෙරනිමිති                                  
1984    -                       වැස්ස වැටී මිදුලේ                    සිවුරඟසේනා
1987    -                       පූජා වේවා                                පූජා
වෙනත් සම්මාන
1972    -                       ජනප්‍රියතම ගායිකාව ලෙස දීපශිකා සම්මානය              
1982    -                       “අම්මාවරුණේ“ ගීතය වෙනුවෙන් ජර්ජ සම්මානය
1990    -                    “සක්වල එතෙරට ඇසෙනා“ ගීතය (ගෙදර බුදුන් අම්මා චිත්‍රපටය)                                   වෙනුවෙන් ස්වර්ණසංඛ සම්මානය
1995    -                       හොඳම ගුවන් විදුලි ගායිකා සම්මානය
1997    -                       ජනප්‍රියතම ගායිකාව    
1984    -                       හොඳම ගායිකාව ලෙස ස්වර්ණසංඛ සම්මානය
1986    -                       යුක්තප්‍රණාම සම්මානය (නීති විද්‍යාලය)
1990    -                       නිර්මලරේඛා කලා කේන්ද්‍රය විසින් පිරිනමන ලද සම්මානය
1995    -                       යුක්තිප්‍රණාම සම්මානය (නීති විද්‍යාලය)