මාලනී බුලත්සිංහල(Malani Bulathsinhala)
ජීවන තොරතුරු
බොරලැස්ගමුවේ
පිටවේල්ල පාරේ, ශ්‍රී බෝධිරාජ දහම් පාසැලට ගිය ඇය දහම් අධ්‍යපනයෙන්ද පෝෂණය
වූවාය. ඇයගේ සුවිශේෂී හැකියාවන් මතු දිනක ඇයව ලංකාවේ උසස් තැනකට රැගෙන එන
බව බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ධම්මඑතන නාහිමියන් ඇතුළු ආචාර්ය මඩුල්ල
නිසැකයෙන්ම දැන සිටියේය.
රජයේ
සංගීත විද්‍යාලයේ ගායන හා වාදන ලලිත කලා ඩිප්ලෝමා උපාධිධාරිණියකු වූ ඇය
ලක්නව් සංගීත භාත්ඛණ්ඩ සරසවියෙන්ද ගායන හා විශාරද උපාධියක් ලැබුවාය.
චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂවරයෙක් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ
විශිෂ්ඨ ශ්‍රේණියේ වාදකයකු වූ එච්. එම්. ජයවර්ධන සමඟ විවාහ වූ ඇයට පුතෙක්
හා දියණියකි. ඩෙංගු උණ සැදීමෙන් මියගිය තම දියණිය වෙනුවෙන් ඇය සැමදා දුක්
වූවාය.
බස්නාහිර
පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව ලෙස ඇය
කටයුතු කළාය. ඇගේ අවසන් කැසට් පටය වූ “මොනාලිසා“ ජෝන් ද සිල්වා සමරු
රඟහලේදී දොරට වැඩියේය. 2001 මාර්තු මස 28 වෙනිදා ඇය අපට අහිමිව ගියේය.
සම්මාන
සරසවි සම්මාන හොඳම චිත්‍රපට පසුබිම් ගායිකා 1995
හොඳම ගායිකාව 1991 (ස්වර්ණ සංඛ සම්මාන)
හොඳම ගායිකාව 1992 (ස්වර්ණ සංඛ සම්මාන)
වසරේ හොඳම ටෙලි නාට්‍ය ගායනය 1995 (සුමති ටෙලි සම්මාන)
1998.11.19
දින ජෝන්ද සිල්වා රඟහලේදී සිත් රූ සංස්කෘතික කේන්ද්‍රය මඟින් ලංකා දරණි
තලය ස්වකීය අප්‍රමාණ කලා ප්‍රතිභාවෙන් පෝෂණය කිරීමේ ජාතික මෙහෙවර වෙනුවෙන්
“සිත් රූ උපහාරය“ විශාරද මාලනී බුලත්සිංහල කලාවේදිනියට පිරි නමන ලදී.
0 comments:
Post a Comment